Responsive image
English site
English site

දිනය: 12-08-2019 | වේලාව: පෙ.ව 07:44 | 19

හජ් උත්සවය අදයි

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් උත්සවශ්‍රියෙන් අද (12) හජ් උත්සවය සමරයි.

මෙරට මුස්ලිම් බැතිමතුන්ද අද දිනයේදී හජ් උත්සවය සමරනු ලබන බව ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති අචාර්ය හසන් මව්ලානා මව්ලවිතුමන් සඳහන් කළේය.

මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ වියොවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝනය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බවයි.

ජාතිය හා පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමඳින මේ මහා පුජෝත්වය මඟින් ලැබෙනුයේ අන් සියලු ආගමිකයින් සමඟද සමානත්මතාවයෙන් යුතුව දිවිගෙවීමේ ශික්ෂණයක් බව තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

මූලාශ්‍ර