Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: ප.ව 02:21 | 62

හමුදා යුද ඇඳුමෙන් සිටි පුද්ගලයා සොයන්න යුධ හමුදාව මහජන සහය පතයි


නාත්තන්ඩිය  තුන්මෝදර ප‍්‍රදේශයේ කළහකාරී ක‍්‍රියාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු  හදුනාගැනීමට මහජන සහය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

කළහකාරී ක‍්‍රියාවන්  දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් ඇති අතර අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද  යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළා.

එම පුද්ගලයා පිළිබඳ තොරතුරු ඇත්නම් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ 011 2 51 42 80 යන හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මූලාශ්‍ර