Responsive image
English site
English site

දිනය: 07-06-2019 | වේලාව: පෙ.ව 08:55 | 36

හෙට දිනයේත් වැසි තත්වයේ වැඩිවීමක්


නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. ඒ හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩිවීමක් හෙට දිනයේදීද අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණු,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර  විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ගම්පහ, කොළඹ, පුත්තලම සහ නුවරඑළියදිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර  නැගෙනහිරසහඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකර ප්‍රදේශවලසහ දකුණු වෙරළබඩප්‍රදේශවලවිටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකිය.

 

මූලාශ්‍ර