Responsive image
English site
English site

දිනය: 11-02-2019 | වේලාව: පෙ.ව 10:12 | 52

හෙරොයින් සහ ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

 

හෙරොයින් තොගයක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ  නිළධාරීන් සිදුකළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 23 යි මිලිග්‍රෑම් 460ක් සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයා ගත් බව සඳහන්.

සැකකරු 31 හැවිරිදි වියේ පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

මූලාශ්‍ර