Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: ප.ව 03:16 | 21

‍අල්ලස හා දූෂණය තුරන් කිරීමට පස් අවුරුදු ජාතික සැලැස්මක්

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික සැලැස්ම එළබෙන 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ෂණ කොමිශන් සභාව පවසයි.

එහි අධ්‍යකෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සදහන් කළේ මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ අල්ලස් නිවාරණය, හර පද්ධතිය දියුණු කිරිම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්තීන් යන ප්‍රධාන සාධක හතර පදනම් කර ගනිමින් එය සම්පාදනය කර ඇති බවයි .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාගේ හා විපක්ෂනායකවරයාගේ සහාභාගිත්වයෙන් එහි ප්‍රධාන වැඩසටහන කොළඹ දී පැවැත්වෙන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මූලාශ්‍ර