Responsive image
English site
English site

දිනය: 01-08-2018 | වේලාව: ප.ව 02:44 | 127

‘DOGS DAYS’

Ken Marino ගේ අධ්‍යක්ෂණයක් ලෙස තිරගත වීමට නියමිත ‘DOGS DAYS’ සිනමාපටය අගෝස්තු 10 වැනි දා සිට ලොව පුරා තිරගත වීමට නියමිතව ඇත.

සිය හාම් පුතුන් ආදරයේ රැහැනින් බැඳීමට සුනඛයන් ගන්නා වෑයමක රසාලිප්ත අත්දැකීම් පෙළක් විඳීමට මේ සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ට  අවස්ථාව ලබාදෙනවා.

ඊවා ලොන්ගෝරියා, නීනා ඩොබ්රෙව්, වැනීසා හියුජන්ස්, ලෝරේන් ලැප්කස්, තෝමස් ලෙනන්, ඇඩම් පෑලී වැනි ප්‍රවීණ නළු නිළියන් මේ සඳහා රංඟනයෙන් සම්බන්ධ වී සිටිනවා.

සුනඛ සුරතලුන්ට පෙම් බඳින රසිකයන් බලාපොරොත්තුවෙන් සිටි සිනමා පටයක් වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.

 

 

මූලාශ්‍ර