Responsive image
English site
English site

දිනය: 17-09-2018 | වේලාව: පෙ.ව 09:01 | 83

අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සාංවත්සරික ජාතික මහොත්සවය අද

ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාල තුමාගේ 154 වැනි ජන්ම දින සාංවත්සරික ජාතික උත්සවය අද (17) ප.ව 3.00ට  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇත.

මේ සඳහා ත්‍රෛනිකායික අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ද ලැබෙන අතර අද පෙරවරුවේ බොරැල්ල කනත්තේදි ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර තිබෙන ස්මාරකයට උපහාර දැක්විමක් ද සිදු කෙරේ.

දැහැමි සමාජයක්,දැහැමි පවුලක් බිහිකිරිමේ අරමුණින් එතුමාගේ ආදර්ශ සමාජ ගත කිරිම මෙහි අරමුණ බව ඇමතිවරයා කිය.

මෙරට නිදහස,බෞද්ධ අධ්‍යායනය,බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරිමේ පුරෝගාමියා වු ධර්මපාල තුමාගේ ජාතික මෙහෙවර පිළිබඳව වර්තමාන දරුවන් දැනුම්වත් කිරිමේ අභිලාෂයෙන් මෙම උළෙල සඳහා පාසල් සිසුන් 800ක් හා අනගාරික ධර්මපාල තුමාගේ වෙනුවෙන් පවත් වනු ලැබු රචනා හා කථික තරඟවලින් ජයග්‍රහණය කරනු ලැබු ළමුන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රධානය සිදු කිරිමට නියමිතය.

 

 

මූලාශ්‍ර