Responsive image
English site
English site

දිනය: 09-10-2018 | වේලාව: ප.ව 02:25 | 64

ක්‍රිඩකයින් තිදෙනෙකුට තරග තහනමක්

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් තිදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය විසින් මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල කර තිබේ.

ඉර්ෆාන් අහමඩ්,නදීම් අහමඩ් සහ හසීම් අම්ජාඩ් යන ක්‍රීඩකයින් හට මෙසේ චෝදනා එල්ල වී ඇති අතර  ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එම ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් ද පනවා ඇත.
 
 ඉර්ෆාන් අහමඩ්ට එරෙහිව චෝදනා 12ක් ද නදීම් අහමඩ් සහ හසීම් අම්ජාඩ්ට එරෙහිව චෝදනා 05ක් පවතින අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා ඔවුන්ට  දින 14ක කාලයක් ලබාදීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මූලාශ්‍ර