Responsive image
English site
English site

දිනය: 20-08-2019 | වේලාව: පෙ.ව 07:20 | 75

දුමින්ද දිසානායක අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනි සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට දුමින්ද දිසානායක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා කරුණු විමසීමට දුමින්ද දිසානායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇති බව සඳහන් වෙයි.

මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියට නීති විරෝධීව සේවකයින් බඳවා ගැනිම සහ ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි විභාග කිරීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

මාතලේ නගරාධිපතිවරයාට විරුද්ධව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව ලිපිගොනු කිහිපයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාට හෝ ඔහු යටතේ සිටින නිලධාරියෙකුට පොලිස් ඒකකයේ අද දිනයේ පෙනී සිටින ලෙස ජනාධිපති කොමිෂන් සභාව  දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
 

 

මූලාශ්‍ර