Responsive image
English site
English site

දිනය: 15-03-2019 | වේලාව: පෙ.ව 10:51 | 36

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් 27 ක් ජිවිතක්ෂයට

UPDATE-

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින්   පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.

සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

 

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අසළ  සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇත.
වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී දේවස්ථානය අසල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමද රැදී සිට ඇත.
කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බවයි.
සිද්ධිය සම්බන්දයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නවසීලන්ත පොලීසිය පැවසුවේ හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බවයි.

මූලාශ්‍ර