Responsive image
English site
English site

දිනය: 06-12-2018 | වේලාව: පෙ.ව 09:48 | 37

මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් මාට්ටු වෙයි

බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ  ඊයේ (05) රාත්‍රී සිදු කළ වැටලීමකදී රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන්  සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54ක්  සොයා ගනු ලැබූ අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික බව ය.

මෙය මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

 

මූලාශ්‍ර