Responsive image
English site
English site

දිනය: 24-05-2019 | වේලාව: පෙ.ව 09:59 | 39

වැල්ලවායේ රක්ෂිතයක ගින්නක්

වැල්ලවාය  බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් කාලයේ   ගින්නක් හටගෙන ඇත.

මෙම ගින්න ඊයේ  රාත්‍රී කාලය වන විට  කදු රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර පනහකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද ප්‍රදේශයේ  පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී තිබේ.

කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුණින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරන අතර වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

මූලාශ්‍ර