Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: ප.ව 01:32 | 26

ස්වර්ණාභරණ තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ නෝර්වීජියානු පිය-පුතු දෙපළක් රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

55 හැවිරිදි මෙම නෝර්වේ ජාතික පියා එරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පු හිමියෙක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

අදාළ සැකරුගේ පුත්‍රයා 18 හැවිරිදි අයෙක් බව වාර්තා වෙයි.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් විසින් ඇඳගෙන පැමිණි කළිසම්වල ඉන ප්‍රදේශයේ මෙම මාල, වළලු සහ මුදු අඩංගු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 825 ක් බර ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගලේවෙල මහත්මිය විසින් පැවැත්වූ අතර, එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර, මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ හයක මුදලක් දඩ මුදල් ලෙස  ගෙවන ලෙස ද නියෝග කළාය.

මූලාශ්‍ර