Responsive image
English site
English site

දිනය: 08-07-2019 | වේලාව: ප.ව 03:38 | 35

චීස් ඔම්ලට් කේක් එකක් හදාගන්න විදිහ

අද අපි හදන්න යන්නේ බිත්තර වලින් හදන්න පුළුවන් චීස් ඔම්ලට් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

වීදුරු පයිලෙක්ස් බඳුනක්

බිත්තර 8ක්

සිහින්ව ඉරා ගත් කුකුල් මස් කෝප්ප 1ක්

සිහින්ව ලියා ගත් චෙඩර් චීස් කෝප්ප 1ක්

සිහින්ව ලියා ගත් පාස්ලි/. රට අසමෝදගම් කොළ කෝප්ප 1ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 3/4ක්

ෆ්‍රෙෂ් මිලක් කෝප්ප 1ක්

බටර් තේ හැඳි 4ක්

 
සාදන ක්‍රමය

 

අවන් එකේ උණුසුම අංශක 190ට සකසා තබන්න.වීදුරු බඳුනේ යටට බටර් තවරන්න.බිත්තර 8 සහ ෆ්‍රෙෂ් මිලක් බඳුනකට දමා බීට් කරන්න.එයට ගම්මිරිස් සහ ලුණු කුඩු දමා මිශ්‍ර කරන්න.මීළඟට චිකන් සහ චීස් දමා බීට් කරන්න.අනතුරුව පාස්ලි කොළ දමා මිශ්‍ර කරන්න.මෙම මිශ්‍රණය විදුරු බඳුනට දමා අවන් එකේ විනාඩි 40ක් පමණ බේක් කරන්න.

 

මූලාශ්‍ර