Responsive image
English site
English site

දිනය: 10-05-2019 | වේලාව: පෙ.ව 10:28 | 30

IPL අවසන් සුදුස්සා තේරීමේ තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ දෙවන තරගය අද පැවැත්වෙයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර එම තරගය විශාඛාපට්නම්හිදි අද රාත්‍රී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි.

ඒ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 12 වන දින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

මූලාශ්‍ර