Responsive image
English site
English site

දිනය: 11-03-2019 | වේලාව: පෙ.ව 07:30 | 73

WhatsApp පරිශීලකයන්ට අනතුරු ඇඟවීමක්

 

නිල වට්සැප් යෙදුමට පරිභාහිරව එය තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක් කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට ෆේස්බුක් සමාගම විසින් කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් මගින් භාවිතයට ලක්වන පරිශීලක දුරකථන අංක හදුනාගෙන එම දුරකථන අංක වට්සැප් ජාලය තුල තාවකාලිකව නැවත භාවිතයට ගත නොහැකි වන සේ හා එම පරිශීලකයන්ගේ පැරණි සංවාද සියල්ලන්ගේම පිටපත්ද ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කොට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව මහතා සඳහන් කළේය.

නිල වට්සැප් යෙදුමෙහි භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ වට්සැප් පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතය සදහා යොමුවී තිබෙන අතර මෙසේ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිලිබදව ඇතිවිය හැකි ආරක්ෂක හේතූන් මත ෆේස්බුක් ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබද වගකීමක් දැරීමට නොහැකි නිසා මෙසේ පියවර ගැනීමට සිදුකරනු ලබන බව වට්සැප් සමාගමෙහි නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය හා සම්බන්ධවී පැවසු බව රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා ප්‍රකාශ කළේය.

ව්ට්සැප් සමාගමෙහි නියෝජිතයා  ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වෙත සදහන් කර ඇත්තේ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කොට තිබෙන ව්ට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යාමට සිදුකළ යුතුදේ වට්සැප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බවයි.

 

මූලාශ්‍ර