Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: ප.ව 12:07 | 141

Laptop desktop වෙනුවට Lenovo Think Pad

ලොනෝවො සමාගමේ think pad  සීරීස් එකේ අලුත්ම සාමාජිකයා වන  thinkPad T490s  පරිගණකය පසුගියදා එළිදැක්වුණා.

මෙම ලැප්ටොප් පරිගණකය මිලිටරි භාවිතය සදහා විශේෂයෙන් නිපදවා ඇති අතර එය තත්ත්ව පරීක්ෂාවන් 200කට පමණ භාජන කරමින් විවිධ දේශුණික තත්ත්ව මෙන්ම ගුරුත්වය නැති අවස්ථාවන් වලදීද (අභ්‍යවකාශ යානාවල භාවිතයට) භාවිත කළ හැකි ආකාරයට තමා නිපදවා තිබෙන්නේ.

එසේම මෙහි තිරය විශේෂ ආරක්ෂක ආවරණයකින් යුක්ත වෙන අතර එමඟින් පරිගණකයේ ඉදිරියේ සිටින්නාට හැර පසෙකින් තිරය දෙස බලන කෙනකුට තිරයේ ඇති දෑ දර්ශනය වීම වළකාලනු ලබනවා.

මෙම ලැප්ටොප් එකෙහි ප්‍රොසසරය  i5   හෝ i7   යන මාදිලිවලින් ලබාගත හැකි අතර 1TB SSD   එකක්, මයිකේ‍රාසොෆ්ට් සමාගමේ cortana premium version එකත් මෙහි ඇතුළත් කර තිබෙනවා. මෙහි බැටරිය ආරෝපණය කිරීමට ඇත්තේ USB type C  ආකාරයේ චාර්ජින් පොට් එකක්.

පැය 20ක බැටරි ආයු කාලයකින් යුක්ත මෙහි බැටරිය පැයක් ඇතුළත් 80%ක් දක්වා වේගවත් ආරෝපණයක් කළ හැකිය.

උපුටා ගැනීමකි

මූලාශ්‍ර