Responsive image
English site
English site

දිනය: 05-07-2019 | වේලාව: ප.ව 01:36 | 127

Spiderman Far from home තිරගත වෙයි

Spider Man කතා මාලාව කියන්නේ ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. මේ කියන්න යන්නේ ඒ චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය ගැන.
චිත්‍රපටයේ නම Spiderman – Far from home. මේ දවස්වල ලෝකය පුරාම චිත්‍රපට රසිකයින් නොඉවසිල්ලෙන් ඉන්නේ මේ චිත්‍රපටය දැකගන්න. අලුත්ම spiderman වික්‍රමය මොකක්ද කියන එක දැනගන්න. මේ චිත්‍රපටිය  ජූලි මාසේ 2 වැනිදා  ඉදලා  ලෝකය පුරාම තිරගත වීම ආරම්භ කෙරුණා.

Jon Watts තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ. Chris McKenna සහ Erik Sommers චිත්‍රපටයේ තිර රචනය සිදුකළා. ඒ Stan Lee සහ  Steve Ditkoගේ comics පදනම් කරගෙන.
චිත්‍රපටය අනික් චිත්‍රපට වගේම ප්‍රේක්ෂකයින්ට අපූරු අත්දැකීමක් වන බව මාධ්‍ය වාර්තා කොට තිබුනා. Tom Holland, Samuel L. Jackson, Zendaya, Cobie Smulders, Jon Favreau, J.B.Smoove, Jacob Batalon, Martin Starr ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
ජූලි 4 වැනිදා සිට කොළඹ සිටි සෙන්ටර්හි තිබෙන Scope සිනමාහල ඇතුළු සිනමාශාලා වලදී මේ චිත්‍රපටය නැරඹීමට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

cinema.lk

 

මූලාශ්‍ර